ඉනිය භාරතී පිළිබඳව සිදුකරන විමර්ශනයේදී හෙළි වූ තොරතුරක් මත 2008 වසරේදී ඝාතනය කර වලදමා ඇතැයි කියන පුද්ගලයෙකුගේ සිරුරු කොටස් සෙවීමට තිරුක්කෝවිල් ප්‍රදේශයේ සුසාන භූමියක අද (31) කැණීම් සිදු කළ බව පොලීසිය පවසයි.
මේ වන විට රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සහායක ඉනිය භාරතී පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඔහු පිළිබඳව සිදුකරන විමර්ශන වලදී හෙළි වූ තොරතුරු වලට අනුව 2008 දී ඝාතනය කර වලදමන ලදැයි පැවසෙන තරුණයෙකුගේ සිරුරු කොටස් සොයා මෙලෙස තිරුක්කෝවිල් ප්‍රදේශයේ සුසාන භූමියක කැණීම් සිදු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඒ.පුෂ්පකුමාර්ගෙන් (ඉනිය භාරතී) කළ ප්‍රශ්න කිරීම් වලට අනුව මෙම කැණීම සිදුකර ඇත. 23 හැවිරිදි තරුණයකුගේ සිරුර තිරුක්කෝවිල් සුසාන භූමියක වල දමා ඇති හෙළි වූ කරුණු මත මෙම කැණීම සිදු කළ බව පොලීසිය පවසයි. ඉනිය භාරතීගේ සහායකයකු බව කියන අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුගේ මැදිහත් වීම මත මෙම ඝාතනය සිදු කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.
පොලිසිය මෙම කැණීම් සිදු කළේ මෙම සැකකාර පුද්ගලයාද එම ස්ථානයට රැගෙන ඒමෙන් පසුවයි.
නමුත් පොලීසිය පවසා සිටියේ අද පස්වරුවේ සිදු කළ කැණීමේදී එවැනි කිසිවක් හමු නොවූ බවයි.
