ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුව යළි විභාගයට… සේවකයන්ව ජොන්ස්ටන්ගේ දේශපාලන වැඩ වලට යොදවලා…

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ඊයේ (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ රාජකාරී වලින් ඉවත් කර තම දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණු අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සතොස හිටපු මූල්‍ය ප්‍රධානී නිමේෂා සංජීවනි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගෙන ඇත.

ඒ අනුව නඩුවට අදාළ අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා කල් තබා ඇත.

මෙහිදී හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකිර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

Author

Related Posts