පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොශෙල් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන දූෂණ මර්දන ඒකකයට අද (30) භාර වී ප්‍රකාශ ලබා දීමෙන් පසුවයි.
අනතුරුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබුණේ ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.
මෙම සිදු විමට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතාගේ පුත් රසික විතාන මහතා අත්අඩංගුවට පත්ව පසුගිය 24වනදා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.
ඒ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා පසුගිය 24වනදා මතුගම අධිකරණය වෙත භාර විමෙන් පසුවයි.
පසුව ඔහු එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කරනු ලැබුවා.
ධනුෂ්ක වීරක්කොඩි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොශෙල් මහත්මියගේ ස්වාමි පුරුශයායි.
