බිත්තර මිල තවදුරටත් පහත වැටුණහොත්, දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.
ඒ අනුව මේ වන විට බිත්තරයක තොග මිල රුපියල් 24ක් දක්වා පහළ බැස ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් එසේ බිත්තර මිල ශීඝ්‍ර ලෙස පහත වැටීමට හේතුව මෙරට දේශීය බිත්තර නිෂ්පාදනය එක් කෝටි පන්ලක්ෂයක් දක්වා ඉහළ යෑම බවයි එම මහතා සඳහන් කළේ.
රටට අවශ්‍ය පැටව් ප්‍රමාණය ලක්ෂයක් වුව ද ඉකුත් 2023 වසරේ දී මෙරටට පැටව් 140,000 ක් ගෙන ඒම හේතුවෙන් මෙසේ බිත්තර නිෂ්පාදනය ඉහළ ගිය බවයි ඔහු අවසාන වශයෙන් සඳහන් කරනු ලැබුවේ.

නිශ්පාදනය වැඩිනම් රටින් පිටට යවන්න උත්සාහ නොකර රටේ නිශ්පාදනය අඩු කරන්න යන නිශ්පාදකයෙක් දැක්කමයි