අඩු ගාණට මහා පරිමාණ මෝල් හිමියෝ වී ගද්දි ආණ්ඩුව නිහඬයි ! ආණ්ඩුවේ කයිය විතරයි වැඩ නෑ ! පොළොන්නරුවේ ගොවීන්ගෙන් චෝදනා

මෙවර යල කන්නයේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළීම් කටයුතු ආරම්භ කර ඇතත්, රජය මෙතෙක් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නො කිරීම හේතුවෙන් පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ වී කිලෝවක් රුපියල් 90 ක් වැනි අඩු මිලකට මිල දී ගැනීමේ සුපුරුදු කූට ව්‍යාපාරය ආරම්භ කර ඇති බවට මහවැලි බී කලාපයේ ගොවීන් චෝදනා කරනු ලබනවා.

මේ වනවිට පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් අමු නාඩු වී කිලෝවක් රුපියල් අනූවකට මිලකට හා වේලපු වී කිලෝවක් රුපියල් 120 ක් වැනි මිලකට ලබා ගනිමින් පවතින බවත්, සම්බා වී මිල ද ඊට සාපේක්ෂව පහළ බැස ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් සඳහන් කරනවා.

කෙසේ නමුත්, රජය අමු වී කිලෝවක් සදහා රුපියල් 102ක මිලක් නියම කළ නමුත්, තවමත් මහවැලි බි කලාපයේ වී අලෙවි මණ්ඩලයට අයත් සියලු වී ගබඩා වසා ඇති අතර, කිසිදු ස්ථානයක ගොවීන්ගෙන් වී මිල දී ගැනීමක් සිදු නොවන බවයි මෙම චෝදනාව නගමින් ගොවි ජනතාව පෙන්වා දෙනු ලබන්නේ.

Author

Related Posts