ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුවේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දුව නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය වෙත භාරවී ඇත.
පසු ගියදා දැඩි කතා බහට ලක් වුණු, කූට ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන Land Cruiser වර්ගයේ ජීප් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රොෂෙල් මෙලනි අබේගුණවර්ධන මෙලෙස බාර වී ඇත.
2024 ඔක්තොබර් 16 වන දින මිලදී ගෙන ඇති මෙම ජීප් රථය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන පසුගිය (19) වනදා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අදාල ජීප් රථය සමග අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබුණේ රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිලදී ගත් බවය.
එම ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වූ පොලීසිය පසුගියදා රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බවද දුරකථනද ක්‍රියාවිරහිත කර තිබූ බව වාර්තා වුණි.
සිද්ධියට අදාළව පසුගිය 24 වෙනිදා රෝහිත අබේගුනවර්ධන්ගේ බෑණා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ අතර ජගත් විතානගේ පුත්‍රයා ඇප මත මුදා හරින ලදී.
