සහන් සිසිකැලුම් හෙවත් “වැලිගම සහන්” කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට…

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන සහන් සිසිකැලුම් හෙවත් “වැලිගම සහන්” කටුනායක ගුවන්තොටුපළේ දී ඊයේ (28) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉන්දියාවේ සිට පිටුවහල් කිරීම නිසා ඊයේ රාත්‍රීයේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන පරිදි 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන “වැලිගම සහන්”ට එරෙහිව මාතර සහ පානදුර යන ප්‍රදේශවල මිනීමැරුම්, මංකොල්ලකෑම් අතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කළුතර අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති බව පැවසේ.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක්කටාගේ ගෝලයෙකු මෙන්ම මිදිගම චූටිගේ සහ කුඩු සලිඳුගේ ද ප්‍රධාන වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇතැයි පැවසේ.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන හරක්කටාගේ ගෝලයෙකු මෙන්ම මිදිගම චූටිගේ සහ කුඩු සලිඳුගේ ද ප්‍රධාන වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇතැයි පැවසෙන අතර පොලීසිය විසින් මෙම සැකකරු සිදුකර ඇති අපරාධ ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

01. 2025.04.29 වන දින හිරණ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ ටී-56 අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත.

02. 2025.06.05 වන දින මට්ටක්කුලිය පොලිස් වසමේ ටී-56 ගිනි අවියකින් හා 9mm වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ටී 56 ගිනි අවිය භාවිතා කළ වෙඩික්කරු ලෙස හඳුනා ගෙන ඇත.

03. 2025.06.29 වන දින පානදුර දකුණ පොලිස් වසමේදී යතුරුපැදි කොටස් අලෙවිසැලකට යතුරුපැදියකින් පැමිණ ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිදුවීමේ වෙඩික්කරු ලෙස හඳුනාගෙන ඇත. 

04. 2024.04.15 වන දින කොටවිල පොලිස් වසමේ යතුරුපැදියක් සොරකම් කිරීම. 

05. 2024.04.22 වන දින මාලිම්බඩ පොලිස් වසමේ භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසැලට පැමිණ රුපියල් 80000/= ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම. 

06. 2024.07.23 වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ රුපියල් 52000/=ක් වටිනා ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.

07. 2024.07.24 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණි කාන්තාවකගේ ගෙල බැදි රුපියල් 150,000/= ක් වටිනා රන්මාලයක් කොල්ලකෑම.

08. 2024.08.24 වන දින තිහගොඩ පොලිස් වසමේ මාර්ගයේ යමින් සිටි කාන්තාවකට අවි පෙන්වා බිය ගන්වා රුපියල් 450,000/= වටිනා රන් මාලයක්, රුපියල් 35,000/=ක් වටිනා පෙන්ඩනයක් හා රුපියල් 450,000/= වටිනා අත් පළදනාවක් කොල්ලකෑම.

09. 2024 08 05 වන දින කොටවිල පොලිස් වසමේ කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකෑම.

10. 2024.08.08 වන දින වැලිගම පොලිස් වසමේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම.

11. 2024.08.11 වන දින මාලිම්බඩ පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ රුපියල් 95000/= ක් වටිනා රන්මාලයක් හා රන් පෙන්ඩනයක් කොල්ලකෑම.

12. 2024.08.12 වන දින වැලිගම පොලිස් වසමේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 90000/= ක් වටිනා රන් මාලයක් යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑම.

13. 2024.08.12 කොටවිල පොලිස් වසමේ යතුරුපැදියකින් පැමිණ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම.

Author

Related Posts