නිවසක මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තවත් තිදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
බොරලැස්ගමුව බෙල්ලන්විල ජය මාවත ප්රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටි සිය නිවස තුළ මෙලෙස මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ කොහුවල පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකි.
මෙම මත්පෙති දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් ද මොවුන් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයා ද සිටින බව වාර්තා වේ.
නිවාස පරීක්ෂා කිරීමේදී නිවස තුළ ගබඩා කර තිබූ මිලිගෑම් 150 මත්පෙති පෙට්ටි 21ක් හා මිලිගෑම් 300 මත්පෙති පෙට්ටියක් සමග සම්පූර්ණ මත් පෙති 1,330,420ක ප්රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
