ජනපති සම්බන්ධයෙන් කළ මෝල්ටා කතාවට තිස්ස කුට්ටි අධිකරණයේදී සමාව ගනී…

ජනාධිපති ජනාධිපති අනුර කුමාර දිසානායක මෝල්ටා රාජ්‍යයේ මුදල් තැන්පත් කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි කළ ප්‍රකාශය කිසිදු සොයාබැලීමකින් තොරව කළ ප්‍රකාශයක් බව පිළිගනිමින් අද(29) ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් නඩුව කඳවු අවස්ථාවේ දී  අදාළ ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හානියක් සිදුව ඇත්නම් තමන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බව තිස්ස කුට්ටිආරච්චි අධිකරණයට දැනුම් දී තිබෙනවා.

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිසකුට්ටි ආරච්චි තම නීතිඥවරු මාර්ගයෙන් මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ නඩු නිමිත්ත තවදුරටත් පවත්වාගෙන නොයන බවට දෙපාර්ශ්වයම අධිකරණයට දැනුම් දී තිබෙනවා.

2023 අගෝස්තු 19 වන දින මැද කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ප්‍රසිද්ධ රැස්වීමකදී  තිස්ස කුට්ටිආරච්චි විසින් ජනාධිපති දිසානායක “මෝල්ටාවේ බිලියන පහක් ආයෝජනය කර ඇති” බවට ප්‍රකාශ කළ බව වාර්තා විය.

Author

Related Posts