ජූඩ් ශමන්තට රතු වරෙන්තු

රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින ජූඩ් ශමන්ත ජයමහ අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් රතු වරෙන්තුවක් ලබාගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ජූඩ් ශමන්ත ජයමහට ජනාධිපති සමාවක් ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා මෙම හෙළිදරව්ව සිදුකළා,

අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

2024 ජුනි 6 වැනි දින, රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වූ ජූඩ් ශමන්තට ජනාධිපති සමාවක් ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අත්තනෝමතික සහ නීතියෙන් අවලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඔහු මරණ දඬුවම නියම වී සිටින වරදකරුවකු ලෙස සැළකෙන බැවින්, වාසය කරන රටකින් ඔහුව පිටුවහල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය නීතිපතිවරයාට සහ අදාළ සියලුම නිලධාරීන්ට තවදුරටත් නියෝග කළා.

නමුත් ඒ වන විටත් ඔහු රටින් පිටව ඇති බවට වාර්තා වුණා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් ජූඩ් ෂර්මන්ත ජනාධිපති විශේෂ සමාව යටතේ මුදා හැර තිබුණු අතර, එකී සමාව ලබා දීම නීත්‍යනුකූලව සිදු කොට නැති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නැවත ජූඩ් ෂර්මන්ත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

Author

Related Posts