රක්ෂිතබන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා අගෝස්තු මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිතබන්ධනාගාර ගත කර සිටින මෙම තිදෙනා අගෝස්තු මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ (28දා) නියම කර ඇත.
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන් Skype ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලද අතර ඔවුනට අදාළ නියෝගය බන්ධනාගාරය මඟින් දන්වන බවද මහෙස්ත්‍රාත්වරිය පැවැසුවා.
මේ සිද්ධියට අදාළව රක්ෂිතබන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කරාල් හා නවින් වීරකෝන් යන තිදෙනා මීට ඉහත මහාධිකරණයෙන් ඇප ලබා මුදාහරින ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් චින්තක මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ දේශාල් පෝල් මහතා පෙනී සිට ඇත.
