මිනිස් පරිභෝජනයට නුසුදුසු, නෙදර්ලන්තයෙන් ආනයනික රුපියල් කෝටි 18 ක් පමණ වටිනාකමක් සහිත කිරි පිටි තොගයක් කෙරවළපිටියේ පෞද්ගලික ගබඩාවක තිබීයදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙළෙඳ පළට මුදාහැරීම සඳහා බහාලුම් 6ක ගබඩා කර තිබූ මෙම මිනිස් පරිභෝජනය සඳහා නුසුදුසු කිරි පිටි තොගය ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් එම ගබඩාව පරීක්ෂාවට ලක් කර ඇත.
එහි කිලෝ 25 ඇසුරුම්වල ඇසුරුම් කර තිබූ කිරිපිටි කිලෝ 153,000ක් පමණ තිබී ඇති අතර ඒවා දූමකරණය සඳහා ගබඩා කර ඇති බවට පාරිභෝගික අධිකාරියේ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙහිදී අදාළ බහාලුම් 6 මුද්‍රා තබා වැලිසර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ.
ඉදිරි විමර්ශන කටයුතු වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් සිදු කිරීමට නියමිත අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන අයගේ අධීක්ෂණය යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරි තිළිණ ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට එක් වී සිටි බවයි සඳහන් වූයේ.
