යුත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මහතා අද(29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තෙබුවන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාලවයි.
එම ප්රදේශයේ පිහිටි හේලිස් කර්මාන්ත ශාලාවකට අයත් ඉඩමකට අයුතු ලෙස ඇතුළු වීම හා ගලි පියනකට සිදුවු දේපල හානියක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
වාර්තා වන ආකාරයට ළහිරු වීරසේකරව පොලීසියට කැඳවා, ධම්මික පෙරේරාගේ හේලීස් කර්මාන්තශාලාවට අපහාස වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට බලපෑම් කර තිබෙනවා. එම බලපෑම ඔහු බාර නොගත් අවස්ථාවේදී ගලි පියනක් පිළිබඳ චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහෙත්, සැබෑ වශයෙන්ම ඔහු ගලි පියනට හානි කිරීමේ චෝදනාව ප්රතික්ෂේප කර තිබෙනවා.
මෙසේ ගලි පියනට හානි කර ඇතැයි චෝදනා කර ඇත්තේ, ඔහු විසින් එම සමාගමේ ජල දූෂණයක් පිළිබඳ කරන ලද හෙළිදරව්වක් නිසායි. කළු ගඟට විෂජලය එකතු කිරීමේ නීතිවිරෝධී ක්රියාවක් ඔහු විසින් හෙළි කර තිබුණා. එම මහා පරිමාණ දූෂණය පිළිබඳ පියවර ගැනීම වෙනුවට ළහිරු වීරසේකර ගලි පියනට හානි කළේයැයි අත්අඩංගුවට ගැනීම කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට ළහිරු වීරසේකර මහතා පොලිස් ඇප මත මුදා හැර සිටිනවා.
මෙම හේලිස් කර්මාන්ත ශාලාව මෙරට ප්රසිද්ධ ව්යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් එකක් වනවා.
