විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට…

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

සංවිධානාත්මක අපරාධි කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා තර්ජනය කළ බවට ව්‍යාජ පැමිණිල්ලක් කිරීම සහ ඔහුගේ හිතවතකු ලවා කෙහෙල්බද්දර පත්මේ නමින් තවත් කිහිප දෙනකුට තර්ජනය කර සාපරාධී බියගැන්වීම කළේ යයි චෝදනාව මත මොහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ එම රෝහලේම ඔහු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (29) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙහෙල්බද්දර පත්මේ විසින් තමන්ට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දින කීපයකට ඉහතදී වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබී ඇත.
කෙසේ වෙතත් එම මරණ තර්ජනය කළ පුද්ගලයා යැයි සැක පුද්ගලයෙක් මහනුවර ප්‍රදේශයේදී මීට දින තුනකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබූ බවත් ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී කළ උදව්වට ස්තූතියි’ යනුවෙන් ප්‍රියන්ත ජයකොඩි විසින් යවන ලදැයි සැලකෙන SMS තිබූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Author

Related Posts