පසුගිය දෙසතිය තුළ එනම් 2025 ජූලි 09 සිට ජූලි 22 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මඟින් තහනම් ධීවර දැල් සහ පන්න ක්රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් හැට පස් දෙනකු සමඟ ඒ සඳහා උපයෝගී කර ගනු ලැබූ ඩිංගි යාත්රා දාසයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසනවා.
ඒ අනුව ත්රිකුණාමලය සල්පේරු, උප්පුරල්, පොල්මල්කුඩා, නිලාවේලී, මලෛයිමුන්තාල්, පුත්තලම ඉප්පන්තිව් හා මන්නාරම උතුර යන වෙරළ සහ මුහුදු ප්රදේශ ආවරණය වන පරිදි නැඟෙනහිර නාවික විධානය, වයඹ නාවික විධානය හා උතුරු මැද නාවික විධානය මඟින් සිදු කළ මෙහෙයුම් මඟිනුයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.
තහනම් ධීවර දැල් භාවිතා කිරීම, හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් වලංගු බලපත්ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ප්රවාහනය යන නීති විරෝධී කටයුතු හේතුවෙනුයි මෙලෙස සැකකරුවන් හැට පස්දෙනකු, ඩිංගි යාත්රා දාසයක් හා තහනම් ධීවර දැල් පහක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරනු ලැබ ඇත්තේ.
කෙසේ නමුත්, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හා ඔවුන්ගේ තහනම් ධීවර ආම්පන්න මෙන්ම ධීවර යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය, ඊච්චලම්පත්තු, පුත්තලම, කුච්චවේලි, කොඩ්බේ, මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දීමට කටයුතු කරනු ලැබ තිබුණා.
මූලාශ්රය – අද ‘මව්බිම’ පුවත්පත
