අද (28) උදෑසන 9.10 ට පමණ හෝමාගම පොලීසිය විසින් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරතව සිටි නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තිළිණි පියමාලි මෙලෙස අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියම් මහත්මිය විසින් ඉකුත්දා නියෝගයක් ද කර තිබූ අතර හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තිකෝ Gems, තිකෝ Construction, තිකෝ Films වැනි නාමයන් ඔස්සේ තිකෝ සමුහ ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන යමින් කුප්‍රකට ලෙස මුදල් ගනුදෙනු සිදු කිරීමේ චෝදනාව යටතේ 2022 වසරේදී ද තිළිණි ප්‍රියමාලි අත් අඩංගුවට ගෙන බන්ධනගාර ගත කර තිබුණා.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සහ ඉහල පෙළේ නිළධාරීන් බොහොපිරිසක් මැයගේ කූට ව්‍යාපාර වලට සහය වී ඇති බවද එහිදී ආන්දෝලනාත්මක ලෙස සංවාදයට ලක් වුණා. එවකට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබියදීත් ඇය සන්තකයේ තිබී අවස්ථා 02කදී, ජංගම දුරකථන 03ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2022 වන විට තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් සහ මහාධිකරණවල නඩු 07ක් විභාගවෙමින් පැවති අතර ලක්ෂ 7,500ක්, ලක්ෂ 800ක් සහ ලක්ෂ 430ක් වංචා කිරීම සම්බන්ධයෙන් ද තවත් චෝදනා එල්ල වී තිබුණි.
