පොලීසිය දුවගෙන ඇවිත් වෙඩි තිබ්බා… සිද්ධිය ඇසින් දුටුවන් කියයි…
අරගලය සමයේදී, 2022 අප්‍රේල් 19 රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසළ අධික මිලට ඉන්ධන විකිණීමට එරෙහිව විරෝධතාවයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණය කළ ජනතාවට පොලිසිය විසින් අනීතික ලෙස වෙඩි තැබූ අතර එහිදී පොලිසිය විසින් චමින්ද ලක්ෂාන් නමැති 41 හැවිරිදි පුද්ගලයකුට වෙඩි තබා මරා දමන ලදී.
2022 අප්‍රේල් 19 වන දින රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ අතුරු වාර්තාවට අනුව 2022 අප්‍රේල් 19 වැනි දින පාන්දර වන විට රඹුක්කන සහ ඒ අවට පදිංචි 200ක් පමණ ජනතාව තම වාහනයට ඉන්ධන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හලට රැස්ව සිට ඇත. ඒ අනුව පොලිස් වෙඩි තැබීම වලින් තවත් පිරිසක් තුවාල ලැබූහ. මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ තුවාල ලැබූ අය විසින් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් පෙත්සම් 07 ක් ගොනු කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) දින එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය වන අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර මහත්මියගේ යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
එමෙන්ම, පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති වෙඩි තැබීම සඳහා අණදුන් බව චෝදනා වන හිටපු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ වෙඩි තැබීම සිදුකළ බව කියන පොලිස් නිලධාරීන් තුන්දෙනා වෙත, විරෝධතා තිබේ නම් ඒවා සති හයක් ඇතුළත ගොනු කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
එසේම අදාළ පෙත්සම්කාර පාර්ශවයද සති හයක් ඇතුළත විරෝධතා වලට ප්රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නියෝග කර ඇති අතර, ලබන පෙබරවාරි 27 වනදා මෙය විභාගයට ගැනීම සඳහා කැඳවීමට නියම කර තිබේ.
කලහකාරී සිද්ධියක් විසුරුවා හැරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටින් හා නීතිමය ප්‍රතිපාදන අනුගමනය නොකරමින් සෘජුවම වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් මේ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියහ.
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එන්.ඒ.එස්.පී. විජේරත්න මහතා කුරුවිටගෛ් දොන් චමින්ද ලක්ෂාන්ගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වන පරිදි සිදුවී ඇති තුවාලවල ස්වභාවය සහ මරණයට හේතූ ලෙස
පහත සඳහන් කාරණා වෛද්‍යවරයා විසින් සඳහන් කර ඇත.
- ලේ ගැලීම නිසා සිදු වූ කම්පනය
- උදරයේ සහ ශ්‍රෝණි ප්‍රදේශයේ රුධිර වාහිනී, මාංශපේෂී සහ අතුනු බහන්වලට සිදු වූ තුවාල
- ගිනි අවියකින් පිටවුණු උණ්ඩය සඳහන් විය.
කරඳගස්තැන්න, නාරම්බැද්ද, හිරිවඩුන්න, රඹුක්කන ජීවත් වූ 42 හැවිරිදි කේ.ඩී. චමින්ද ලක්ෂාන් මහතා දෙදරු පියෙකි.
