ජනාධිපති AKD මාලදිවයිනට… එහිදී උණුසුම් පිළිගැනීමක්…

3 දින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද උදැසන (28) මාලදිවයින බලා පිටත් වූ අතර එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව වාර්තා වේ.

උදෑසන 10ට පමණ මාලදිවයිනට ගිය ජනාධිපතිවරයාව මාලදිවයින් ජනාධිපති මොහමඩ් මියුසූ විසින් පිළිගත් අතර සුහද පිළිසඳරකද නිරත වූ බව වාර්තා වේ.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට ජනාධිපතිවරයා මෙලෙස මෙම සංචාරයේ නිරත වූ අතර සංචාරය අතර තුරදී ද්විපාර්ශවික සාකච්ඡා වලද නිරත වනු ඇත. ජූලි 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත රාජ්‍ය සංචාරදී අන්‍යෝන්‍ය සහයෝගිතාවය වර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද ඔවුන් අත්සන් තැබීමට නියමිතය.
රාජ්‍ය සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රජා උත්සවයකට සහභාගී වීමට නියමිත අතර, එහිදී ඔහු මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවනු ඇත.

Author

Related Posts