අගෝස්තු මස 04 වන දින සිට 20 වන දින දක්වා දිවයින ම ආවරණය වන පරිදි, ධීවර යාත්‍රා සංගණනයක් පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ධීවර අමාත්‍යංශය පවසන්නේ මෙවැනි සංගණනයක් සිදු වන්නේ වසර 10කට පසුව බවයි.
ඒ අනුව මීට සමගාමීව රටේ ධීවර යාත්‍රා පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල මෙහෙයුම් බලපත්‍ර අලුත් නොකිරීමට ද තීරණය කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.
මෙම සංගණනයේ දී ධීවර බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) සහ ගාස්තු සංශෝධනයක් ද සමඟින් ධීවර රක්ෂණ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමටත්, ධීවර සමිති සවි බල ගැන්වීම විධිමත් කිරීමට පියවර ගැනීමටත්, කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ධීවර බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය යටතේ මුහුදු කූඩැල්ලන්, හක් බෙල්ලන්, පොකිරිස්සන් සහ විසිතුරු මසුන් ඇල්ලීම සඳහා කිමිඳුම් බලපත්‍ර නිකුත් කිරීමේ දී විනිවිදභාවය සහතික කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.
ඔක්තෝබර් 30 වැනි දින සිට අයදුම්පත් කැඳවන බවත්, අයදුම්කරුවන්ගේ පළපුරුද්ද, යාත්‍රා හිමිකාරීත්වය සහ රක්ෂණාවරණය වැනි කරුණු මත පදනම්ව සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව බලපත්‍ර නිකුත් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) සහ ගාස්තු සංශෝධනය යටතේ, ධීවර ප්‍රජාවගෙන් යොමු වූ ඉල්ලීම් සලකා බලා MS යන්ත්‍ර සඳහා අය කරන මාසික ගාස්තුව කළමනාකරණය කළ හැකි මට්ටමකට අඩු කිරීමට අදාළ සමාගම එකඟතාව පළ කර ඇති බව හා මාස තුනකට වඩා වැඩි කාලයක් අක්‍රීය ව පවතින යාත්‍රාවල VMS ගාස්තුව අත්හිටුවීමට පියවර ගන්නා බව රත්න ගමගේ මහතා පවසා සිටියා.
ඒ මහතා අවසාන වශයෙන්, පසුගිය කාලයේ සිදු වූ ධීවර අනතුරු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ සමුපකාර රක්ෂණ සමාගම මඟින් ක්‍රියාත්මක වන ධීවර රක්ෂණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව සඳහන් කළ අතර, ධීවර ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා රක්ෂණයේ වැදගත්කම ද අවධාරණය කර සිටියා.
