Govpay අද සිට

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියා.

එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද පැවසු අමාත්‍යවරයා අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිත බවද පැවසුවා.

ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බවද අමාත්‍යවරයා කියා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading