මන්නාරම් ද්‍රෝණියේ තෙල් කණින්න බලපත්‍ර නිකුත් කිරීමට රජය සැරසෙයි

අලෙවි උපදේශකයකු පත් කිරීමෙන් පසුව මන්නාරම ද්‍රෝණියේ තෙල් කැණීම් කටයුතු කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර් ජයකොඩි ප්‍රකාශ කර සිටියා.

මන්නාරම් ද්‍රෝණිය වෙත ආයෝජකයන් ඇද බැඳ තබා ගැනීම සඳහා අලෙවි උපදේශකයකු පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව ද  පවසා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව හා උපදේශකයකු හෝ උපදේශන සමාගමක් පත් කිරීමෙන් අනතුරුව තෙල් ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ඇති බවයි.

Author

Related Posts