බොරැල්ලේ මාරක අනතුර! තුවාල ලැබු 7ක් තවමත් රෝහලේ

බොරැල්ල, කනත්ත හන්දියේ දී අද (28) උදෑසන සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියා.

වෛද්‍යවරයා කියා සිටියේ තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන බවත්, ඉතිරි පස්දෙනාම පිරිමි පුද්ගලයින් වන බවයි.

අද උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක් ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙක්.

අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඹකරයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Author

Related Posts