සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඒ සඳහා ඉඩ දිය යුතු නැති බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (27) දින බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් පවසා සිටියා.
මෙම ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට මෙරට තරුණ තරුණියන්ගේ ලිංගික දිශානතිය ගැන ප්‍රශ්නයක් ඇති බවයි. කාදිනල් මැල්කම් රංජිත්ගේ මෙම ප්‍රකාශය රටක් ලෙස සහ සමාජයක් ලෙස ඉතා බැරෑරුම් ලෙස භාරගත යුතු අතර මේ පිළිබඳව වන සමාජ කතිකාව දෙස නැවත හැරී බැලීමට ප්‍රස්තුතයක් සපයනු දැකිය හැකිය.
විවාහ සංස්ථාව දූෂිත තත්ත්වයට ඇද දමමින් යුරෝපා රටවල මෙන් සමලිංගික විවාහයන් මෙරට තුළ ප්‍රචලිත කිරීමට යම් සංවිධාන කටයුතු කරමින් සිටින බව කාදිනල් මැල්කම් රංජිත් ප්‍රකාශ කරමින් වැඩි දුරටත් කියා සිටියේ,
“අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම කරනවා. විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලා එමින් තිබෙනවා. ඇතැම් පිරිස් සමලිංගික විවාහ ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ? කොහොමද එයාලා දරුවෝ ලබන්නේ?
”එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ ආශීර්වාදයෙන්. එවැනි විවාහ අද තත්ත්වයට වඩා සාර්ථක වී තිබෙනවා ” යනුවෙන්ය.
කාදිනල් මැල්කම් රංජිත් විසින් කරනු ලබන මෙම ප්‍රකාශ කෙතරම් දුරට සත්‍යද යන්න සහ මේ විකාර සහගත කතාවේ පදනම පිළිබඳව විමසා සිටිය යුතු නොවේද? තරුණ තරුණියන් විවාහ වීමේදී දෙමව්පියන්ගේ ආශීර්වාදය සහිතව එය සිදු කර සාර්ථක පවුල් ජිවිතයක් ගත කරනවා යැයි කළ ප්‍රකාශය අප පිළිගත යුත්තේ කෙසේද? මේ කරන ප්‍රකාශය සත්‍යක්ද? එය සත්‍යක් නම් එය ඉතා වටිනා පර්යේෂණාත්ම සොයාගැනීමක් බැවින් එම සංඛ්‍යා දත්ත අප විසින් බෙදා ගැනීම ඉතා ප්රයෝජනවත්ය. එසේ නිශ්චිත තොරතුරු සහිත, පදනමක් නැති හෝ හිතළු කියන්නේ නම් ඒවා භාර ගත යුත්තේ ආගමික නායකයෙක් කියන ලද සතපහකට වැඩක් නැති කතාවක් ලෙස මිස අන් විදිහකට නොවේ.
මෙය කාදිනල්ලාගේ පමණක් ප්‍රශ්නයක් නොවේ. බොහෝ ආගමික දෙසන්නගේම ප්රශ්නයකි. මෙය ට්‍රම්ප් වැනි අධිරාජ්‍ය වාදී සහ දියණු යයි පවසන නොදියුණු මිනිසුන්ගේ ප්රශ්නයකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය නම් අදහස හදන්නේ මේ නරුමත්වය විසින්ය. ලිගිකත්වය පිළිබඳව දිශානතිය, සිතීම සහ එහි නිදහස සමාජ අදහස විසින් යටපත් කරන්නට වුවමනාව ලෞකිකත්වය හැර ගිය සමහර ආගමික ලොක්කන්ට ඇති අසනීපයකි. මෙය හුදු පුද්ගලවාදී කතාවක් නොව, ආගමික නායකයෙක්ගේ කතාව හෙජමොනික කතාවක් බවට පත්වේ. සමාජයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව පැතලි මාදිලි අදහස වසංගතයක් බවට පත් කරන්නේ මොවුන් විසින්ය.
LGBTIQ… ප්‍රජාවගේ අයිතිවාසිකම්ද මානව අයිතිවාසිකම් වශයෙන් සලකිය යුතුය. ඒවා මානව හිමිකම් නොවේය කියන්න කාදිනල් කවුද? ඔහුට (හිමීට) එසේ කීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? කාදිනල්ගේ ඒ ප්‍රකාශයට පැහැදිලිවම එරෙහි විය යුතු නොවේද? මේ සමාජයේ මිනිසුන් පිරිසක් වෙනස්කොට සැලකීමට ලක් කිරීමේ ඔහුගේ ආගමික ඉගැන්වීම වන්නේද? ඔහුගේ ආගමික ඉගැන්වීම හෝ ප්රකාශනයන් අප භාරගත යුත්තේ ඇයි? මේ පිළිබඳව LGBTIQ… ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අයගේ අදහස කුමක්ද? ඔවුන් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ කතිනල් හිමිගෙන් විමසිය යුතු නොවන්නේද? මෙවන් බරපතල ප්‍රකාශ පසුගාමී සමාජයක් තුළ ජිවිත වලට පවා තර්ජනයක් ලෙස ඔවුන් පිළිගන්නේ නම් ඊට එරෙහිව හඬ නැගීම ප්‍රොජෙක්ට් එකක් ලෙස පැමිණිය යුතුද? මක් නිසාද සමහර සංවිධාන වල හඬ පෙනෙන්නේ ප්‍රොජෙක්ට් ඇත්නම් පමණක් නිසාවෙනි.
සමාජයෙහි සියලුම පුද්ගලයන්ට සමාන ගෞරවය, නිදහස සහ සමාන අයිතිවාසිකම් හිමි විය යුතුය. මෙය බහුවිධත්වයෙන් හා සහජීවනයෙන් පිරුණු මානව සමාජයක මූලික මූලධර්මයක් වේ. ඒ අනුව, සංක්‍රාන්තික (Transgender) ලිංගික ප්රජාවන්ගේ අයිතිවාසිකම්ද ,නොමැකිය හැකි මානව අයිතිවාසිකමක් වේ.
සංක්‍රාන්තික පුද්ගලයෙකු තමන්ගේ ඇත්ත ලිංගික හැඟීම් අනුව ජීවිතය ගත කිරීමට නිදහස ලබාදීම, ඔවුන්ට සමාජයීය වශයෙන් පිළිගැනීම ලබාදීම හා ආරක්ෂාව සැලසීම යනු මනුෂ්‍ය සමාජයක වගකීමකි. ලිංගිකත්වය යනු පුද්ගලික කාරණයක් වන අතර එය පරීක්ෂා කිරීමක් හෝ විවේචනය සඳහා ආගම් මැදිහත් වීම ආගමේ කාර්යය නොවේ. මෙම ආගමික අපහාසයන සහ නරුම කතා නිසා සංක්‍රාන්තික පුද්ගලයන්ගේ අධ්‍යාපනය, රැකියා, සෞඛ්‍ය සේවා සහ නීතිමය ආරක්ෂාවන් වැලැක්වීම සහ ඇතුළත් බව අහිමි කිරීමට උද්යෝගය සහ පෙළඹවීමක් සපයයි.
සංක්‍රාන්තික ප්‍රජාවට අයත් ඔවුන්ටත් ආදරය කිරීමට, සාමකාමීව ජීවත් වීමට, ස්වාධීනව තමන් වශයෙන් තම අනන්‍යතාවය සහිතව සිටීමට අයිතියක් තිබේ. LGBTIQ…. ප්‍රජාවේ මානව අයිතිවාසිකම් පිළිගැනීමට අපි හැමෝම අරගල කළ යුතුය. එය ශිෂ්ට සමාජයක් ලක්ෂණයක් වන අතර ඉතිහාසය පුරා අශිෂ්ටත්වය, මානව නිදහස කාන්තා අයිතිවාසිකම් වලට පයින් ගැසූ ආගමික නායකයින් නාමයෙන් එන පිළිල ප්‍රතික්ෂේප කළ යුතුය.
තරුණ තරුණියන් හැඟීම් සමඟ ජීවත් වීම අහම්බයක් නොවේ. ඔවුන් තම ලෞකික ජිවිතයේ විවිධ අවධීන් වලදී සාමාන්‍ය ජීවිතයේදී හැඟීම් සමග ජිවත් වන අතර ඒ හැඟීම් සමග මානව සබඳතා පවත්වාගෙන යයි. ඒ මානව සම්බන්ධතා අවුල් සහ අප්සෙට් යයි කාදිනල් විසින් කියන පදනම පැහැදිලිව කිව යුතුය. හැඟීම් වලට වහල් වීම සහ නොවීම යන්න පිළිබඳව කදිනල්ගේ විග්‍රහය පැහැදිළි වන්නේ ඉතා අවිචාරවත් කිසිදු හරයක් නැති කතාවක් ලෙසය. මීට වැඩිය මෙවන් පුද්ගලයින් තර්කානුකුලව සහ සබුද්ධිකව වචන භාවිත කිරීම වැදගත් යයි සිතේ. තරුණ තරුණියන් සහකරුවන් හෝ සහකාරියන් සොයා ගැනීමේදී තිබිය යුතු නිසි අවබෝධය කුමක්ද? එය නොමැතිව වැඩේ අවුල් වන්නේ නම් එසේ අවුල් කරන සමාජයද කදිනල්ලා ඇතුළු මේ රටේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව මිනිසුන්ට සිදු කළ ඉගැන්වීමේ ප්‍රතිපලයන්ය. මේ රටේ ආගමික සංස්ථාව මේ නවලිබරල් අර්ථ ක්රමයේ ආගම් මිස අන් යමක් නොවේ. එම අර්ථ ක්රමයේ යම් අවුල් පවතීද එහි පවතින සියළු මාදිලීන්ගේ අවුල් පවතී. ඒවා එම අර්ථ ක්රමයේ පැවැත්ම කෙරෙහි දායකත්වය සපයන්නේ නැත්නම් ඒවාට අර්ථ ක්‍රමය තුළ පැවැත්මක් නොමැති අතර එයින් පිටමං කරයි. එම නිසා එය ඒ මත දියවෙමින් ගමන් කරයි. ගලාගෙන යයි. එම නිසා මෙහි යම් අර්බුධයන් පවතීද එම අර්බුධයන් නිර්මාණය කිරීමේ ලා ආගම් එහි කොටස් වරුවන් නොවන්නේද? මෙරට දසක 30ක් යුද්ධය ඊට ඇති පැහැදිලිම නිදසුනයි. එසේම සමලිංගික විවාහ හෝ විෂම ලිංගික විවාහ වලින් පසුව බබාලා හැදීම හෝ නොහැදීම, බබාලා හදන්නේ කොහොමද? යන ප්‍රශ්න කාදිනල් හිමිට ප්‍රශ්නයක් වන්නේ ඇයි? එය එලෙස විවාහ වූ හෝ එකට ජිවත්වන හෝ ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අයගේ අවශ්‍යතාවය මත ඔවුන්ගේ නිදහසේ ගත යුතු තීරණයක් මිස අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රශ්නයක් කර ගත යුතු කාරණයක් නොවේ.
