නව ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස අනූෂා ගෝකුල මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
ප්‍රධාන ලේකම්වරියගේ පත්වීම් ලිපිය අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් භාර දෙන ලදී.
අනූෂා ගෝකුල, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන අතර මීට පෙර බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කර ඇත.
මීට ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා කටයුතු කළා.
