සුරසේන යුගය ඇරඹෙයි! අනුර ඉදිරියේ දිවුරුම් දෙයි!

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.

ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වන අගවිනිසුරුවරයායි.

1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන මහතා, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් වුණා.

2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් වුණා.

එතැන් පටන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන ප්‍රීති පද්මන් සූරසේන මහතා හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මියගෙන් පසුව සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ද වනවා.

ඒ අනුව ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වන අගවිනිසුරුවරයා වනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading