වැඩබලන පොලිස්පතිගේ නමින් PDF ටිකක් ආවද?

වැඩබලන පොලිස්පතිගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ PDF ගොනුවක් WhatsApp සහ ඊ මේල් හරහා සංසරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඊ මේල් ඇඩ්‍රස් කිහිපයක් මගින් එම ව්‍යාජ පණිවුඩ යොමුකරන බවට තොරතුරු හෙළි වී ඇති අතර එම Email පහත සඳහන් වේ.
judicial.gov-srilanka@execs.com
polcermp@gmail.com
andrep.atricia885@gmail.com
ecowastaxs@gmail.com
ccybermp@gmail.com
vinicarvalh08@hotmail.com

මෙම PDF ගොනු ශ්‍රී ලංකා පොලිසිය හෝ වැඩබලන පොලිස්පති විසින් යොමුකරන ලද පණිවුඩ නොවන බවත් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත. මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත.

Author

Related Posts