අලි ඇතුන් ඝාතනය කරන සනයිපර් කල්ලියක්… කැලේට මිනිහෙක් ආවොත් කැමති දෙයක් කරන්න…

“තිබුණු ආණ්ඩුත් මේ ආණ්ඩුවත් අලි ඝාතක ආණ්ඩු”

අලි ඇතුන් ඝාතනය කරන්නේ සංවිධානාත්මක සනයිපර් කල්ලියක් විසින් බව පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
අලි ඇතුන් මරා දමා ඇත්තේ වගා බිම් වල නොව වනාන්තර තුළ බව සඳහන් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ඡන්දය ලබා ගැනීමේ අරමුණින්, ජනතාවට ඉඩම් ලබා දීම සඳහා වන වැඩපිළිවෙලක් ලෙස මේ ආකාරයට අලින් මරා දැමීම සිදු කරන බවයි.

දුර සිට එල්ලය ගෙන හිසට වෙඩි තබා අලි ඇතුන් ඝාතනය කිරීම හේතුවෙන් එය ස්නයිෆර් කල්ලියක් විසින් සිදු කරන බවට පැහැදිලි වන බව උන්වහන්සේ ප්‍රකාශ කරයි. තිබුණු ආණ්ඩුත් මේ ආණ්ඩුත් අලි ඝාතක ආණ්ඩු බව සඳහන් කරමින් උන් වහන්සේ ප්‍රකාශ කළේ මේ ආණ්ඩුවත් අලි ඝාතනය කිරීම හැර අලින්ව ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවයි. වත්තට සතෙක් ආවොත් කැමති දෙයක් කරන ලෙස පාර්ලිමේන්තුව කියා ඇති බැවින් කැලේට මිනිහෙක් ආවොත් කැමති දෙයක් කරන්න යැයි සත්තුන්ටද පණිවිඩයක් යැවිය යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළා.
“ආණ්ඩුවට බැරි නම් කරුණා කරලා අපිට දෙන්න. සියලු සංවිධාන එකතුව අපි මේ අලි ඇතුන් ඝාතන ප්‍රශ්නය විසඳන්නම්. අලි ඇතුන් මැරෙන්නේ කැලේ ඇතුළේ. ඡන්දය තියෙන මිනිස්සුන්ට වනාන්තර ලබා දීමට අලි ඇතුන් ඝාතනය කරනවා. ගොවියෝ සත්ව ඝාතන කරන්නේ නෑ තුවක්කුවක් අතේ තිබුණට අලි ඇත්තුන්ට වෙඩි තියන්න තරම් ගොවියො සාහසික නෑ. නිකුත් කර ඇති සියලු ගිනි අවි රජය නැවත ලබා ගත යුතුයි. එතකොට පුළුවන් අපරාධ කරුවන් අනාවරණය කරගන්න”

තවද ගල්ගමුව අලි මාරු වන පාලම ඉදි කිරීම ප්‍රමාද කිරීමට හේතුව ශ්‍රී ලංකාවේ උසම ඇතා වන ‘කාවන්තිස්ස’ ඝාතනය කිරීම සඳහා සැලසුමක් වන බවට ජනතාව ඇතුළු පරිසරවේදීන්ට තතු අනාවරණය වන බවත් එය එසේ නොවන්නේ නම් පාලම කඩිනමින් ඉදි කිරීමට රජය පියවර ගත යුතු බවත් මාධ්‍ය හමුවේදී අවධාරණය කර ඇත.
අලි ඇතුන් ඝාතන නවතා දැමීමට ආණ්ඩුවට නොහැකි නම් එය ඉටු කිරීමට තමන් වෙත අවස්ථාව සලසා දෙන ලෙස එම සංවිධාන වැඩි දුරටත් රජයට අවධාරණය කර සිටියා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සත්ව සුබසාධන සංවිධාන, ආයතනික නියෝජිතයන් ඇතුළු පරිසර හා සත්ත්ව වේදීන් එක්ව මෙම මාධ්‍ය හමු වූ සංවිධානය කර තිබුණා.

Author

Related Posts