රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ රාත්‍රී කාලයේදී සිසුන් රඳවාගෙන නවක වධයට ලක් කරන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය 24 දින රාත්‍රියේ දී එම විශ්ව විද්‍යාලයේ පරීක්ෂණයකට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.
පොලිසිය විශ්ව විද්‍යාලයට යන විට රාත්‍රී 9.15 පමණ වූ අතර ඒ වන විටත් එහි සිසුහු 100කට ආසන්න පිරිසක් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. සිසුන් සිට ඇත්තේ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව ප්‍රදේශයේ බව දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් ශාරීරිකව නවක වධය පමුණුවට බවට බැලූ බැල්මට පෙනෙන්නට නොතිබුණු නිසා මේ පිළිබඳව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා දැනුම්වත් කළ බව පොලිසිය සඳහන් කරයි.
මෙම විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් තිස්සේ රාත්‍රී 10 පමණ වන තෙක් ආපන ශාලාවේ 23/24 වසර සිසුන් තබාගෙන වැඩිහිටි සිසුන් විසින් නවක වධයට ලක් කරන බවත්, එම නවක වධය කායික හිංසාවක් නොවූවත මානසික හිංසාවක් බවත්, ශිෂ්‍යාවන්ගේ කොණ්ඩය සෙල බැලුවේ නම් එහි නවක වධයක් ක්‍රියාත්මක වූ බව තහවුරු කර ගැනීමට පොලිසියට හැකියාව තිබුණු බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
