ලංකාවේ සල්ලි දූපත්වල ගොඩගහපු අය හෙළි කරනවා! වසන්ත සමරසිංහ කියයි!

මෙරට මුදල් රැගෙන ගොස් බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්වල සමාගම් ආරම්භ කළ පුද්ගලයන් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින්.

පසුගිය පාලන සමයේදී මේ ගැන පරීක්ෂණයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කළ නමුත් මේ වනතෙක් එය සිදු කර නැති බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම් අවසන් ප්‍රතිලාභියා කවුදැයි මාස හයක් ඇතුළත රජයට දැනුම් දිය යුතු බව ඔහු පවසනවා.

සමාගම් පණතේ ලියාපදිංචි වී ඇති සියලු සමාගම් මාස හයක් ඇතුළත ඔවුන්ගේ මෙහෙයවන්නා ,හසුරවන්නා,අවසන් ප්‍රතිලාභියා කවුදැයි රජයට දැනුම් දිය යුතු බවත්, වත්කම් සඟවන තැනැත්තන්ගේ වත්කම් හෙළි කිරීමට මේ පනත මගින් නීතිමය පසුබිම සැලසෙන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

ඒ පිළිබඳ වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“අප රටේ සමාගම් හරහා සිදුවන වංචා දූෂණ ගැන විවිධ කතා අහන්න ලැබෙනවා. ඒ නිසා අපි මෙ සංශෝධන සිදු කෙරෙනවා.ගෙවල් වල ඉන්න රියැදුරු මහතුන්ගේ නමින් ද කොම්පැනි ගත්ත ඉතිහාසයක් තිබෙනවා.එමෙන්ම මුදල් විශුද්ධිකරණය ගැන කතා අප අහල තිබෙනවා.

ඩේසි ආච්චිගේ කතාවත් ඒ වගේ එකක්.මුදල් රැස් කරන මාර්ග කියන්න බැරි වුනාම අහක ඉන්න කෙනෙක් අල්ලනවා.ත්‍රස්තවාදයට මුදල් සැපයීම පිළිබඳවත්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙනුත් අපි කටයුතු කරනවා. අපට ලෝකයේ මූල්‍ය ආයතනය සමඟ ගනුදෙනු කරද්දී ඇතිවන බාධා වැලැක්වීමත් මේ සංශෝධනයේ අරමුණක්”

Author

Related Posts