මියන්මාරයේ සයිබර් කැඳවුරුවල තවත් ශ්රී ලාංකිකයන් දහ දෙනෙකු පමණ සිරගත වී සිටින බව මියන්මාරයේ ශ්රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම කඳවුරුවල සිරගත වී සිටින ශ්රී ලාංකිකයන් තුන් දෙනක් විසින් මියන්මාරයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයට දුරකතන ඇමතුම් දී පවසා ඇත්තේ, තමන් ඇතුළු ශ්රී ලාංකිකයන් දස දෙනකු පමණ කඳවුරුවල සිර කර ගෙන සිටින බවයි.
කෙසේ නමුත් ඔවුන් ශ්රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීම් කර ඇත්තේ, තමන් බේරා ගැනීම සඳහා පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි.
මීට පෙර ද මියන්මාරයේ සයිබර් කඳවුරුවල ශ්රී ලාංකික තරුණයන් සියයකට අධික ප්රමාණයක් සිර වී සිටි අතර, ඔවුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා සඳහා එම රටවලට ගොස් සිටි අය බවයි සඳහන් වුණේ.
මූලාශ්රය – අද ලංකාදීප පුවත්පත
