කොත්තු කඩ වැනි ව්‍යාපාර ආරම්භ කරමින් ප්රකෝටිපතිපතියන් වූ ඇතැම් පුද්ගලයන් ගැන සැක පවතින බවත්, සමාගම් පනත ඇතුළු නීතිරීති පාවිච්චි කරමින් මෙවැනි පුද්ගලයන් මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇති බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසා තිබුණා.
එහෙත්, රුවන් රණසිංහ විසින් එලෙස කොත්තු කඩයකින් මුදල් වංචා කරන ලද පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කළේ නැහැ. එවැනි පුද්ගලයන් ගැන විමර්ශණ සිදු කෙරෙන්නේද? මෙරට සමාගම් හරහා වංචා සිදුකළ පුද්ගලයන් කීදෙනෙකු ගැන ප්‍රමාණවත් විමර්ශන සිදු වන්නේද? ඇත්තටම සමගම් ක්ෂේත්රයේ දූෂණය නැති කරන්නට පියවරක් ගන්නවාද? ඒ කිසිවක් කීවේ නැහැ.
ඔහු ඒවෙනුවට ජුලි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබද දෙවැනිවර කියවීමේ විවාදයේදී සිය කතාවට රස කාරකයක් ලෙස කොත්තු කඩයක් ගැන කීවා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි ක්‍රියාවලට ඉඩ නොලැබෙන ආකාරයෙන් සමාගම් පනතට සංශෝධන රැගෙන එන බවයි. එහෙත්, එවැනි ක්‍රියා දැනටමත් සිදුකරන අයට එරෙහිව පැමිණිලි කර විමර්ශණ කළ යුතු නොවේද? ආණ්ඩු බලය ඇති පිරිස එය සිදු කළ යුතු නොවේද?
කොත්තු ව්‍යාපාර පවත්වාගෙන යන විවිධ අය කෝටිපතියන් නොවුණත් හිටිගමන් මතු වූ කොත්තු කඩ දැමූ ඇතැම් පුද්ගලයන් ප්රකෝටිපතියන්වී ඇති බවට අමාත්‍ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.
මෙවැනි පුද්ගලයන් අයථා ගනුදෙනු, ත්‍රස්තවාදී කටයුතු සඳහා උපයාත් මුදල් සිය ව්‍යාපාරවල යොදවා නිත්‍යානුකූලව යෙදවීමට කටයුතු කර ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණයට අදාළව ලෝකයේ රටවල් 164 අතරින් 80 වැනි ස්ථානයේ පසුවන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා එහිදී සඳහන් කළා.
අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණයේ ප්‍රතිචාරය වශයෙන් 5.28ක් වූ අගයක් ගන්නා අතර, එම අගයට අනුව ලංකාව ඉහළ තත්ත්වයක පසුවන බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් රණසිංහ මහතා :
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා, සාමාන්‍යයෙන් ලෝකයේ ආර්ථිකයේ , ලෝකයේ නිෂ්පාදිතයින් 2% – 5% ත් අතර ප්‍රමාණයක් මුදල් විශුද්ධිකරණය , මේ කලු මුදල් තමයි තියෙන්නේ කියලා. මම පුද්ගලිකව අදහස් කරනවා ශ්‍රී ලංකාවේ මම හිතනවා ඊට වඩා විශාල වශයෙන් වැඩියි. මගේ ළඟ තියෙනවා තොරතුරු මුදල් විශුද්ධිකරණයට අදාළව ශ්‍රී ලංකාව 5.28 ක අගයක් ගන්නවා. මුදල් විශුද්ධිකරණය පැත්තෙන් ගත්තොත්, අපි ඉන්නේ ඉහළ තැනක. මුදල් විශුද්ධිකරණය පැත්තෙන් ගත්තොත් ලෝකෙන් ගත්තොත් රටවල් 164කින් අපි 80 වෙනි ස්ථානයේ ඉන්නේ.
අපිට ඕනේ තරම් උදාහරණ තියෙනවා, මෙවැනි කටයුතු, මෙවැනි සිදුවීම්, අපි දන්නවා හිටපු ගමන් කොත්තු කඩයක් මතුවෙනවා. හැබැයි කොත්තු කඩ දාලා කෝටි ප්‍රකෝටිපතියෝ බිහි වෙනවා කොත්තු කඩ දාලා. මේ වගේ කඩ කරන ඕනේ තරම් අය ඉන්නවා. හැබැයි එහෙම කෝටිපතියෝ වෙලා නැහැ. ඊටපස්සේ වඩේ දාන අය ඉන්නවා. එගොල්ලො මහ කෝටිපතියෝ වෙලා තියෙනවා. මෙවැනි මුදල් විශුද්ධිකරණ විවිධ අයථා ගනුදෙනු එහෙම නැත්නම් ත්‍රස්තවාදී කටයුතු මෙවැනි පැහැදිලිව ඉදිරිපත් කළ නොහැකි කරුණු වලින් උපයා ගත්ත මුදල් වෙනත් ක්‍රමවේද හරහා, විශේෂයෙන් ව්‍යාපාරවල යොදවලා ව්‍යාපාර හරහා සුදු කරන්න එහෙම නැත්නම් නීත්‍යානුකූල මුදල් බවට පත් කරන්න එගොලන් මේ අන පනත් පාවිච්චි කරලා තියෙනවා දිගින් දිගටම. මේ පාර්ලිමේන්තුවේ අත උස්සලා එවා අනුමත කරලා එහෙමනම් ඒවා නවත්වන්න තිබුණා. ඒක නවත්වන්න තමයි අපි රජයක් විදිහට මේ සමාගම් පනතට මෙවැනි සංශෝධන අරගෙන එන්නේ.”
