රෝහිත අබේගුණවර්ධනගේ බෑනා අධිකරණයට භාරවෙයි…

පොලීසිය සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. ඒ පසුගියදා දැඩි කතාබහකට ලක් වුණු නීති විරෝධීව එකලස් කර කූට ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන Land Cruiser වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළවයි.

මෙම ජීප් රථය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර ඇත. අනීතිකව මෙම රථය ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙකුගේ සහාය ලැබී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ඒ අනුව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන පසුගිය (19) වනදා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අදාල ජීප් රථය සමග අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට රසික විතාන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

එම ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වූ පොලීසිය පසුගියදා රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ කළුතර නාගොඩ පිහිටි නිවසට ගියද ඇය සහ සැමියා එහි නොසිටි බවද දුරකථනද ක්‍රියාවිරහිත කර තිබූ බව වාර්තා වුණි.

Author

Related Posts