අද දින මතුගම අධිකරණයට බාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පසුගිය දින කීපය තුළ සොයමින් සිටියදී අද දින මෙලෙස භාර විය.
ඒ පසුගියදා දැඩි කතාබහකට ලක් වුණු නීති විරෝධීව එකලස් කර කූට ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන Land Cruiser වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළවයි.
එසේම, මෙම සිද්ධියේ නඩුවටම අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික විතාන යන අය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති බව වාර්තා වේ.
සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන පසුගිය (19) වනදා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අදාල ජීප් රථය සමග අත්අඩංගුවට ගනු ලැබීය.
