විභාග තිබ්බට පොලිසියේ ASP ලා ට වසර දෙකක් තවම පත්වීම් නෑ ! පොලිස් දෙපාර්තමේන්තුවට චෝදනා

ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරි (ASP) තනතුර සඳහා අදාළ තරග විභාගය පවත්වා වසර දෙකක කාලයක් ගත වුව ද, මේ දක්වා එම තනතුරුවල පත්වීම් ලබා දීමට බලධාරීන් අසමත් වී ඇති බවට පොලිස් නිලධාරීන් චෝදනා කරනවා.

ඒ අනුව එම නිලධාරීන් චෝදනා කරනු ලබන්නේ, එම විභාගයට පෙනී සිටි නිලධාරින්ගේ සම්මුඛ පරීක්ෂණ පසුගිය පෙබරවාරි මස පැවැත් වූ බවත්, විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණ යන දෙකේ ලකුණු එකතුවේ අවසන් ලැයිස්තුව මීට මාස දෙකකට පමණ පෙර ජාතික පොලිස් කොමිසමට යොමු කර ඇති බවත් ය.

සමත් වූ නිලධාරින්ගේ අසාදු වාර්තාවල දෝෂ සහිත යැයි ප්‍රතිඵල ප්‍රමාද කරන බවත්, එම අසාදු වාර්තා සකස් කරන පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රමාදය සඳහා වගකිව යුතු බවත් එම නිලධාරීන් අවධාරණය කර සිටියා.

කෙසේ නමුත්, මෙම තත්වය පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයකුගෙන් කළ විමසුමක දී පවසා සිටියේ, පුරප්පාඩු වී ඇති සහකාර පොලිස් අධිකාරි තනතුරු 43 ක් සඳහා නිලධාරින් තෝරා විභාග දෙපාර්තමේන්තුවට ලැයිස්තුවක් යොමු කර ඇති බවත්, එම නිලධාරීන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් අසාදු වාර්තා යොමු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රමාද කරන බවත් ය.

මූලාශ්‍රය – අද ලංකාදීප පුවත්පත

Author

Related Posts