ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙනවා.
Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ට්රම්ප් පවසා ඇත්තේ, මෙම ගිවිසුමට ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් ඇතුළත් වන බවයි.
ජපානය ඇමරිකානු නිෂ්පාදකයින් වන මෝටර් රථ, ට්රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් භාණ්ඩ සඳහා වෙළෙඳපොළ ප්රවේශය වැඩි කරන බවත් ට්රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මීට පෙර තීරු බදු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්රම්ප් පවසා තිබුණේ ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14ක් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබද්දක් පනවන බවයි.
අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ට්රම්ප් ලිඛිතව දැනුම් දී තිබූ අතර, තීරු බදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
