සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්රශ්නයක් අසන අවස්ථාවේදී කථානායකවරයා ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මන්ත්රීවරිය අතුරු ප්රශ්නය ඇසීමට විනාඩි 4කට වැඩි කාලයක් ගෙන ඇති බවත් ප්රශ්නය විමසන ලෙසත් කථානායකවරයා සඳහන් කර සිටියා.
එම අවස්ථාවේ දී “අනේ පොඩ්ඩක් කට වහගෙන අහගෙන ඉන්නකෝ ඔබතුමා” යනුවෙන් මන්ත්රීවරිය ප්රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වුවා.
එම අවස්ථාවේ දී කතානායක ජගත් වික්රමරත්න මහතා
ගරු මන්ත්රිතුමිය ඔබ කාටද ඔය කතා කරන්නේ.විනාඩි හතරක් ගන්නවා අතුරු ප්රශ්නය අහනන්න.හැදියාවකින් කතා කරන්න මන්ත්රිතුමිය. යනුවෙන් පවසා සිටියා.
