පිල්ලෙයාන් රඳවන්න සාමාන්‍ය නීතිය වෙනුවට පීටීඒ පාවිච්චි කිරීමෙන් අලකලංචියක්! පිල්ලෙයාන්ගේ පෙත්සම විභාගයට ගන්න අවසර ලැබෙයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පිළිබඳ විමර්ශන කිරීමේදී ඔහු කර ඇති අපරාධවලට අදාලව සාමාන්‍ය නීතිය පාවිච්චි කිරීමේ හැකියාව තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීම හේතුවෙන් ආණ්ඩුව මූලික අයිතිවාසිකම් නඩුවකට මුහුණ දී තිබේ.

ඒ තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවා තබා ගැනීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දුවක් ලබා දෙන ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ගොනු කරන ලද පෙත්සම ඉදිරියට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇති නිසාය.

මෙම පෙත්සම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ, සෝභිත රාජකරුණා,සම්පත් විජයරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමට නියෝග කර තිබුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකට විරෝධතා ගොනු කිරීම සඳහාද අධිකරණය විසින් කල් ලබා දෙන ලදී.

ඉන් අනතුරුව අදාල පෙත්සම විභාගය සඳහා ඔක්තොබර් මස 31 වැනිදා සිදු කිරීමට දින නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2006 දී සිදුකළ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති රබීන්ද්‍රනාත් සුබ්‍රමනියම් පැහැරගැනීමේ සිදුවීමට අදාලව බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන් නමුත්, නීතිඥ මනෝහාර සිල්වා පෙන්වා දුන්නේ 2006 සිදුකළ පැමිණිල්ලකට අදාලව වසර 20කට පසුව අත්අඩංගුවට ගැනීම පිළිගත නොහැකි බවයි.

පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුතුවල නිරතව සිටියදී ඉපකුත් අප්‍රේල් මස 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය සේවාදායකය අත්ග අඩංගුවට ගත් බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට කටයුතු කළ බවත් එසේ රඳවා ගැනීමට හේතු වූ කරුණු පොලිසිය විසින් තම සේවා දායකයාට පැහැදිලි කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකශ කර ඇත.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රඳවා තබාගැනීම සඳහා අපරාධ නීතිය පාවිච්චි නොකර යල් පැනගිය සහ මර්දන නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යොදාගැනීම ආණ්ඩුව පැත්තෙන් විශාල අවදානම් සහගත ක්‍රියාවක් වන අතර ඔහුගේ අයිතිවාසිකම් කර ඇති බවත් ඔහුව ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටින්නේ ඔහුට එරෙහි සාක්ෂ්‍ය නැති නිසා බවට සමාජ මතයක් නිර්මාණය කළ හැකි බවත් නීති විශාරදයෝ පෙන්වා දෙති. අපරාධ විමර්ශනවලදී ත්‍රස්ත පනත වැනි කෙටි මාර්ග පාවිච්චි කරනවා වෙනුවට සාක්ෂ්‍ය මත පදනම්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔවුහු අවධාරණය කරති.

Author

Related Posts