පාස්කු ප්රහාරයේ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් මඩකලපුව, කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වන වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බ්නධයෙන් වන සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවන සුළු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, නිවැරදි කරුණු අනාවරණය නොකිරීම යනාදී කරුණු යටතේ ඔහු අත්අඩංගුව ගත් බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ අනුව හිටපු ස්ථානාධිපතිවරයා මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්රශ්න කරන බව පොලීසිය දැනුම් දී ඇත.
