2026 වර්ෂය සඳහා දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපැයුම් මිල දී ගැනීමට දේශීය නිෂ්පාදකයන් වෙතින් අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වනවා.
කැබිනට් මණ්ඩලය වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, යෝජනාව සෞඛ්‍ය ඇමැතිවරයා විසිනුයි.
කෙසේ නමුත් 2025 වර්ෂය සඳහා ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් නිෂ්පාදනයන් 130 ක් දේශීය වශයෙන් මිල දී ගැනීමට දේශීය නිෂ්පාදකයන් වෙතින් පසුගිය වසරේ දී අභිලාෂ කැඳවා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් මඟින් තෝරා ගත් නිෂ්පාදකයන් සමඟ වන ගිවිසුම මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
