ලයිසන් නැති ගෘහ සේවිකාවන් සහ සේවාවන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ගිණුම් 77ක් වසා දමයි…

මෙම වසරේ මුල් මාස හය තුළ බලපත්‍ර රහිත ගෘහ සේවක බඳවා ගැනීම්වලට සම්බන්ධ සමාජ මාධ්‍ය ගිණුම් 77ක් වසා දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මානව සම්පත් සහ එමිරේටේෂන් අමාත්‍යාංශය (MoHRE) බදාදා නිවේදනය කළේ මෙම ගිණුම් අවශ්‍ය බලපත්‍ර නොමැතිව ගෘහ සේවක බඳවා ගැනීමේ සේවා ප්‍රවර්ධනය කරන බව අනාවරණය වූ විමර්ශනවලින් පසුව මෙම පියවර ගත් බවයි.

එසේම බලපත්‍රලාභී සහ අනුමත ගෘහ සේවක බඳවා ගැනීමේ ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙස අමාත්‍යාංශය සේවා යෝජකයින්ගෙන් සහ පවුල්වලින් ඉල්ලා සිටී. මෙම ආයතනවල ලැයිස්තුවක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඔවුන්ගේ නම් සහ ස්ථාන ඇතුළුව, MoHRE වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කර අමාත්‍යාංශය අනතුරු ඇඟවමින් කියා සිටියේ “බලපත්‍ර නොමැති ගෘහ සේවක බඳවා ගැනීමේ ආයතන සහ ගෘහ සේවක සේවා ප්‍රවර්ධනය කරන, විශ්වාස කළ නොහැකි සමාජ මාධ්‍ය සමඟ කටයුතු කරන පාරිභෝගිකයින්ට එරෙහිවද ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.

මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද ඉතා වැදගත් කාරණයක් වේ. ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණය දෙස බැලූ විට, 2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසයි. එයින් දෙවනුවට වැඩි පිරිසක් විදේශ ගත වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට වන අතර එම ගණන 28,973 කි. මෙයින් සාතිශය බහුතරය ගෘහ සේවකයින්ය.

Author

Related Posts