හිටපු ඇමති මනූෂගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට…

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් ආයතනයක් තෝරා ගැනීමේදී  ඒ සඳහා ඉදිරිපත් වූ ආයතනයක් වෙතින් මුදල් ඉල්ලා සිටීම සහ එම  ප්‍රසංපාදන ක්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්ව කටයුතු කර ,එසේ තෝරා ගත් අදාළ ආයතනයෙන් රුපියල් ලක්ෂ 43 ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාළව යි.

පසුගිය රජය සමයේ මනූෂ නානායක්කාරගේ බොහෝ ව්‍යාපෘති සමග ඔහු කටයුතු කළ අතර අවිධිමත් ශ්‍රමිකයන් සම්බන්ධ “ගරු සරු” සහ “ජයගමු ශ්‍රී ලංකා” වැනි වැඩසටහන් ද ඒ අතර වේ.

Author

Related Posts