වරාය නගරයේ අපූරු කුළුණක්…’බිග් බෙන්’ සමඟ තරඟ කර ලෝකයේ විශාලතම කලා කෘතිය ලෙස ගිනස් ලෝක වාර්තාවට …

ශ්‍රී ලංකාව ක්ලෝත්ස්පින් මැනේජ්මන්ට් ඇන්ඩ් ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට වසර 25ක බදු සහනයක් ලබා දී ඇති අතර, ඔවුන් වරාය නගරයේ බිග් බෙන් ඔරලෝසු කණුවට වඩා විශාල ඔරලෝසු කණුවක් සහිත ‘නිවුන් කුළුණු ආශ්චර්යයක්’ (Twin tower marvel) ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මෙම නිර්මාණය ලොව විශාලතම කලාගාරයක් සහිත හෝටලයක් ලෙස Twin tower marvel ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ වරාය නගරයේ වර්ග මීටර් 24,324 ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කොටසක් මේ සඳහා ඇති බව බදු සහන විස්තර කරන ගැසට් නිවේදනයක සඳහන් වේ.

ක්ලෝත්ස්පින් මැනේජ්මන්ට් ඇන්ඩ් ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මේ සඳහා ඩොලර් මිලියන 540 ක් ආයෝජනය කරනු ඇති අතර ඉන් ඩොලර් මිලියන 75 ක් ඉඩම් බදු දීම සඳහා වන අතර ඉතිරි මිලියන 465 ඉදිකිරීම් සඳහා බව ඇස්තමේන්තු කර ඇත.

ලෝකයේ විශාලතම කලා කෘතිය ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වීමට මුළු ව්‍යුහයම සූදානම් වන අතර, කොළඹ කලාත්මක නවෝත්පාදන සඳහා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරයි,” ගැසට් පත්‍රයේ සඳහන් වේ.

මෙම නිර්මාණය බිග් බෙන් ඔරලෝසුව සමග තරඟ කිරීම සඳහා නිර්මාණය කරන මීටර් 15 ක සුවිශේෂී ග්‍රෑන්ඩ් ඔරලෝසුවක් සහිත ලොව විශාලතම සිරස් කලා ගැලරිය වනු ඇති අතර, සෑම මහලක්ම කලා අවකාශයන් ලෙස පවත්වාගෙන යනු ඇති අතර, ප්‍රසිද්ධ ගෝලීය කලාකරුවන්ගේ කෘති ප්‍රදර්ශනය කිරීමටද අපේක්ෂා කෙරේ.

Author

Related Posts