විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට උණුසුම්… සේවකයන්ගේ විරෝධය හමුවේ, ආණ්ඩුව විදුලිබල පනත් කෙටුම්පත විවාදය කල් දමයි…

විදුලි බල පනත අහෝසි කිරීම සහ සේවකයන්ගේ රැකියා වල ආරක්ෂාව වෙනුවෙන් සාමුහික ගිවිසුමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් අද ( දැවැන්ත උද්ගෝෂණයක් පැවැත්වූවා. කොළඹ විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම උද්ගෝෂණය සඳහා සේවකයන්ගේ වෘත්තීය සමිති 28ක් සහභාගී වුණා.

කෙසේ වුවද අද පැවති සේවකයන්ගේ විරෝධතාවය සහ බලපෑම හමුවේ ආණ්ඩුව දැනටමත් අඩියක් පස්සට ගෙන හමාරය. එනම් ලබන 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත එදින විවාදයට නොගෙන, දින නියමයක් නොමැතිව කල් දැමීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (22) තීරණය කර ඇත.

පසුගිය ආණ්ඩුව මෙම පනත ගෙන එද්දී කෙටුම්පත පුළුස්සමින් විරෝධතා දැක්වූ, රන්ජන් ජයලාල් නායකත්වය දරණ ජනතා විමුක්ති පෙරමුණේ, විදුලි සේවක සංගමය සහ ඉංජිනේරු සංගමය මේ සඳහා සහභාගී වුයේ නැත. නමුත් අනෙක් සංගම් වල නායකයින් කියා සිටියේ එම වෘත්තීය සමිති සහභාගී නොවීම විරෝධතාවය සඳහා කිසිදු බාධාවක් නොවූ බව පැවසුවා.

මෙහිදී What News වෙත අදහස් දැක්වූ නන්දන උදයකුමාර පැවසුවේ විදුලි බල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වත්කම් මේ ආණ්ඩුව විසින් සමාගම්කරණයට නතු කිරීමට උත්සාහ කරන බවයි. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරද්දී සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවයට කිසිදු ආකාරයක හානියක් සිදු නොවිය යුතු අතර, එය වෘත්තීය සමිති වල එකඟතාවයෙන් සාමුහික ගිවිසුමක නිශ්චිත ලියවිල්ලක් සහිතව විය යුතු බව ඔහු සඳහන් කළා.

මෙම ප්‍රතිව්‍යගතකරණයට ඔවුන් එකඟ වුවද එය සිදු විය යුත්තේ රටටත්, ආයතනයටත්, සේවකයන්ටත් යහපතක් වෙන විදිහට බව ඔහු පැවසුවා. නමුත් මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගෙන යන ක්‍රියා කලාපය රටටත්, ආයතනයටත්, සේවකයන්ටත් කිසිදු ආකාරය යහපතක් වෙන එකක් නොවේ. රුපියල් ට්‍රිලියනයක් පමණ වන මේ වත්කම ව්‍යාපාරිකයන්ගේ සාක්කුවට මුදල් ගලාගෙන යන වාතාවරණයක් මේ වන විට සකස් වෙමින් පවතී. මෙම අධික වටිනාකමකින් යුත් වත්කම් 1969 සිට විවිධ පීඩාවන් සහ වේදනාවන් මැද ජිවිත පරිත්‍යාග කරමින් ආරක්ෂා කරනු ලැබුවේ සේවකයන් විසින් වන අතර එය ඔවුන් සිදු කරනු ලැබුවේ විදුලි බල මණ්ඩලය මේ රටේ සම්පතක් ලෙස රැක ගැනීමටය. ආණ්ඩු විසින් මේ ආකාරයට මෙම සම්පත් විනාශ කිරීමට උතාහ ගන්නේ නම්, ඊට එරෙහිව නැගී සිටීමට ජනතාව වෙනුවෙන් මේ ජාතික සම්පත ආරක්ෂා කළ සේවකයන් ට අයිතියක් තිබෙන බව නන්දන උදය කුමාර පැවසුවා.

අද දින මෙම විරෝධතාවය පැවැත්වූවේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට කිසිදු ආකාරයක බාධාවක් නොවන පරිදිය.

ආණ්ඩුව සේවකයන්ගේ මේ සාධාරණ ඉල්ලීම් වලට කන් නොදී තම හිතුවක්කාරී ගමන දිගටම යාමට උත්සාහ කළහොත් රටේ සමස්ත ජනතාව සමග පාරට බැසීමට සහ දැවැන්ත අරගලයකින් මේ සටන ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.

සේවකයන් කුණු මාළු විකුණන්නා සේ සමාගම් වලට විකිණීමට ආණ්ඩුව සැරසෙයි…

1969 දී විදුලිබල මණ්ඩලය දෙපාර්තමේන්තුවෙන් මණ්ඩලය බවට පත් වෙද්දී, විදුලි බල දෙපාර්තමේන්තුවේ සිටි සේවකයන්ගේ කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව, විදුලිබල අමාත්‍යංශය සහ ආණ්ඩුව මැදිහත්ව වෘත්තීය සමිති නායකයන් සමග කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට ගිවිසුමක් අත්සන් කර ඇත. විදුලි බල මණ්ඩලය අහෝසි කර සමාගම් වලට ලබා දුනහොත් එම ගිවිසුම අහෝසි වේ. එවිට අවුරුදු ගානක් තිස්සේ මේ විදුලි බල මණ්ඩලය ආරක්ෂා කරමින් මණ්ඩලයේ මෙතෙක් සේවය කළ සේවකයන් කුණු මාළු විකුණන්නා සේ සමාගම් වලට විකිණීම, ආණ්ඩුව මේ ගෙනයන අත්තනෝමතික ක්‍රියාකලාපය හරහා සිදුවේ. විදුලි බල සේවකයන්ගේ රැකියා බිල්ලට දෙමින් කටයුතු කරන මේ ආණ්ඩුව කම්කරු ආණ්ඩුවක් යයි කිව හැකිදැයි නන්දන් උදයකුමාර වැඩි දුරටත් සඳහන් කළා.

Author

Related Posts