පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව චෝදනා වලට වරදකරු බව විශමාචාර සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කල කමිටු සිය වාර්තා වෙන් දැනුම් දී තිබෙනවා.
ඒ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකලා යැයි පැවසෙන විශමාචාර හා සිය ධුරයේ බලතල බරපතල ලෙස යොදා ගැනිම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරිම පත්කල පරීක්ෂණ කමිටුවේ සභාපති ධුරය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතායි.
අල්ලස් දුෂණ චෝදනා කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා එහි සෙසු සාමාජිකයින් වනවා.
