නීතිය සහ ලිංගික අධ්‍යාපනය මුල සිටම දරුවන්ට ලබා දිය යුතු බව වනවාසී රාහුල හිමියන් පවසනවා. අද (21) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් උන්වහන්සේ සඳහන් කළේ නීතිය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව දරුවන් දැනුවත්ව සිටී නම් කවදාවත් ළමා ගැබ් ගැනීම් වැනි තත්ත්වයන් වර්ධනය නොවනු ඇති බවයි.
වත්මන් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ගෙන යන අතර එම වැඩපිළිවෙලට බොහෝ දෙනා විරුද්ධත්වයක් දක්නට ලැබෙන බව උන් වහන්සේ ප්‍රකාශ කළා. අප රටේ ජිවිත ගොඩ නැගී ඇත්තේ ඉතිහාසය, සෞන්දර්යය සහ කලාව සමග බවත් ඒ සඳහා සිංහලද, දෙමළද මුස්ලිම්ද හෝ වෙනක් ආගමක්ද යන්න අදාළ නොවන බව පැවසුවා.
මෙවැනි විෂයන් ඉවත් කිරීම වැනි දේවල් කිරීම තුළින් රජය විශාල අපහසුතාවයන්ට සහ අපකීර්තියකට පත් වන බවත් පසු ගිය රජය සමයේ අධ්‍යාපන අමාතයවරයා ඇතුළු ඉහල බලධාරීන් සමග සාකච්ඡා කර උන්වහන්සේලා මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කළ නමුත් අවසානයේදී එය අසාර්ථක වූ බව පැවසුවා.
සංවර්ධනය කරන ලද අධ්‍යාපනය ක්‍රමය තුළ දරුවන්ට පළමු ශ්‍රේණියේ සිටම ප්‍රායෝගික අධ්‍යාපන දැනුම ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව සඳහන් කරමින් උන් වහන්සේ කියා සිටියේ ඒ සඳහා දැන් කාලය එළඹ ඇති බවයි. එහිදී ඉතිහාසය සහ සෞන්දර්යය විෂයන් ඒ ආකාරයෙන්ම තිබිය යුතු අතර නීතිය සහ ලිංගික අධ්‍යාපනය දරුවන්ට මුල සිටම ලබා දිය යුතු බව උන්වහන්සේ සඳහන් කළා.
පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළ, පාසල් දැරියන් විශාල වශයෙන් ගැබ් ගෙන ඇති බව වාර්තා වූ බවත් ලින්ගික අධ්‍යාපනය පිළිබඳව දරුවන් දැනුවත් වී තිබුනේ නම් එලෙස සිදු නොවනු ඇති බව උන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කර සිටියා.
