අගවිනිසුරු විශ්‍රාම යයි! ඊළඟ අගවිනිසුරු සුරසේනලු

අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු විශ්‍රාම යෑමෙන් පසු නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ නම යෝජනා කිරීමට වැඩි ඉඩකඩක් ඇතැයි ජනධිපතිවරයාට සමීප ආරංචිමාර්ග අපට වාර්තා කර තිබෙනවා.   

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජූලි 27 වන දිනට වයස අවුරුදු 65 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතයි. ඇය සිකුරාදා (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමුගැනීමේ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජුලි 23 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර, එම අවස්ථාව වන විට නව අගවිනිසුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ ඉඩකඩක් පවතින බව එම ආරංචි මාර්ග පවසනවා. මීට පෙර ඉහළ අධිකරණ තනතුරුවල පුරප්පාඩු ඇති වන අවස්ථාවලදී එය සම්පූර්ණ කිරීම පිණිස එම පුරප්පාඩුව ඇති වීමට පෙර ජනාධිපතිවරයා විසින් නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ, තනතුරු හිස් නොවිය යුතු නිසායි.

මේ වන විට අගවිනිසුරුවරිය හැරුණු කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන්නේ ප්‍රීති පද්මන් සුරසේන මහතායි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ වාර්තා කර තිබුණේ අගවිනිසුරුවරිය සමුගැනීමෙන් පසු ඇති වන පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරුධු රත්නප්‍රිය ගුරුසිංහ මහතාගේ නම යෝජනා කර ඇති බවයි. මේ අතර අධිකරණ සේවා කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධනගේ නම යෝජනා කර තිබෙනවා.

මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ධුරයටද ප්‍රකට මහාධිකරණ විනිසුරුවරයෙකුගේ නමක් යෝජනා වී ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර අභියාචනධිකරණයේ සභාපතිවරයා ලෙස රොහාන්ත අබේසූරිය පත් කිරිමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අශයේ ප්‍රධානියා ලෙස සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පත් කර තිබෙනවා. ඒ අනුව, ඔහු දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් සහ අපරාධ අංශ දෙකම මෙහෙයවීමට නියමිතයි.

මේ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් වන හිරංජන් පීරිස්, අසාඩ් නවාවි, ලක්මාලි කරුණානායක සහ සුදර්ශන සිල්වා යන මහත්ම මහත්මීන් අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් ලෙස උසස් කර තිබෙනවා.

Author

Related Posts