රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබෙනවා.

ඒ, මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින්

වලාන දූෂණ මර්දන ඒකකය සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තහනම නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොශෙල් සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

ඒ නීති විරෝධී අන්දමින් ආනයනය කරන ලද රුපියල් කෝටි හතරකට අධික වටිනාකමෙන් යුත් ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුතාට අලෙවි කිරීමේ චෝදනාව මතයි.

මෙම සිදුවීමට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (20) දහවල් ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අගෝස්තු ( 01 ) වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Author

Related Posts