පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද(21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නා.
ඒ 2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම සම්බන්ධයෙන් වන සිද්ධියට අදාලවයි.
ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.
කෙසේ වෙතත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් සිරදඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරු නියම කළා.
මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් මේ වන විට සිර දඬුවම් ලබමින් සිටින්නේද කැරම් බෝඩ් බෙදා දීමේ සිදුවීමට අදාලවයි. මීට පෙර ඔවුන් දඬුවම් ලැබුවේ අල්ලස් පනත යටතේ සිදුකරන ලද වැරදිවලට අදාලව වන අතර, මෙම අධිචෝදනා භාර දී ඇත්තේ එම සිදුවීමේදී පොදු දේපළ පනතට අදාලව සිදු කර ඇති වැරදි වලටයි.
