වත්මන් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (eNIC) ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ National Institute for Smart Government ආයතනයේ (NISG) සහය ලබා ගනිමින් ජාතික ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
මෙරට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Sri Lanka Unique Digital Identity ( ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පතක් නිර්මාණය කිරීමේ ) ව්‍යාපෘතිය, ඉන්දියාවේ දී සංවර්ධනය කරන ලද ජාත්‍යන්තර ව පිළිගත් හැඳුනුම්පත් සඳහා වේදිකාවක් වන Modular Open Source Identity Platform (MOSIP) හි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි සඳහන් වන්නේ.
මෙම ව්‍යාපෘතිය මගින් සෑම පුරවැසියෙකු සඳහා ම ආරක්ෂිත හා පිළිගත් ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරන අතර, එය මහජන සේවා සඳහා පහසුවක් මෙන්ම දැනට සිදුවන දූෂණ හා වංචා වැළැක්වීම සඳහා වන ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස ක්‍රියා කරනු ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ.
ශ්‍රී ලංකා රජය, NISG ආයතනය හා එක්ව, 2025 ජූනි මස අග භාගයේ දී ඉන්දියාවේ Master Systems Integrator (ප්‍රධාන පද්ධති ඒකාබද්ධකරුවෙකු) වෙත මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යෝජනා කැඳවීමේ දැන්වීමක් නිකුත් කරන ලද අතර, ජෛවමිතික ලියාපදිංචි කිරීම් සහ සත්‍යාපන පද්ධති යෙදවීම, ශ්‍රී ලංකාවේ පවතින ඩිජිටල් යටිතල පහසුකම් සමඟ MOSIP ඒකාබද්ධ කිරීම, නියමු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එහි අරමුණ බවයි සඳහන් කරන්නේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක, ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා අවධාරණය කළේ, පද්ධති සැකසීමට ඉන්දියාව සහාය වුව ද, සියලු ජෛවමිතික සහ පුද්ගලික දත්ත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය යටතේ පවතින බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දත්ත සඳහා local servers සත්කාරකත්වය දරනු ලබනු ඇති බවත්, කිසිදු විදේශීය ප්රවේශයකට හෝ බාහිර දත්ත හුවමාරුවකට ඉඩ නොලැබෙනු ඇති බවත් ය.
NISG සමඟ ඇති හවුල්කාරිත්වය ඉන්දු-ලංකා ඩිජිටල් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමක් වන බවත්, ශ්‍රී ලංකාව සිය ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරමින් භූ දේශපාලනික බලපෑම් සමතුලිත කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙය සලකනු ලබන බවත්, ගෝලීය වශයෙන් වඩාත් හොඳ භාවිතයන්ට අනුකූලව මෙම මූලික අනන්‍යතා හැඳුනුම්පත් පද්ධතිය නිර්මාණය කිරීම සඳහා අඩු පිරිවැයකින්, විනිවිදභාවය සහිත විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි නිලධාරීන් පවසා සිටියේ.
ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු කටයුතු සඳහා වූ යෝජනා කැඳවීම් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2025 අගෝස්තු 5 බවයි සඳහන් වන්නේ.
