හමුදාව පුරුදු වෙන්න ගිය ජෙට් යානයක් බංග්ලාදේශයේ පාසලකට කඩා වැටෙයි… බංග්ලාදේශයේ හෙට ශෝක දිනයක්…

බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ජෙට් යානයක් ඩකා අගනුවර පාසල් පරිශ්‍රයකට කඩා වී ඇත. මෙම අනතුරෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මරණ සංඛ්‍යාව තවමත් ඉහළ යා හැකි අතර, නිල මූලාශ්‍ර මගින් මිය ගොස් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව විවිධ සංඛ්‍යා ලබා දෙන බව වාර්තා වේ.

ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු 50 කට වැඩි පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බව ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් ආයතනයේ වෛද්‍යවරයෙක් වාර්තාකරුවන්ට පවසා ඇත. උත්තරා හි උතුරු උපනගරයේ මයිල්ස්ටන් පාසලේ සහ විද්‍යාලයේ වීඩියෝ දර්ශන අනුව එහි විශාල ගින්නක් සහ ඝන දුමාරයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

විද්‍යාලයේ ගුරුවරයෙකු වන රෙසෝල් ඉස්ලාම් බීබීසී බංග්ලා වෙත පවසා ඇත්තේ ගුවන් යානය ගොඩනැගිල්ලේ “සෘජුවම” ගැටෙන ආකාරය දුටු බවයි. එසේම තවත් ගුරුවරයෙකු වන මසූඩ් තාරික් රොයිටර් පුවත් සේවයට පැවසුවේ පිපිරීමක් ඇසුණු බවත් ආපසු හැරී බලන විට, ගින්නක් සහ දුමාරයක් දුටු බවත් ඒ අවස්ථාවේ දෙමව්පියන් සහ ළමයින් බොහෝ පිරිසක් සිට ඇත.

බංග්ලාදේශ ගුවන් හමුදාවේ F-7 BGI පුහුණු ගුවන් යානය උත්තරා හි දී කඩා වැටුණු අතර ගුවන් යානය 13:06 ට (GMT 0706) ගුවන් ගත වී ඇති බව හමුදාවේ ප්‍රකාශයක සඳහන් විය.

එරට ගිනි නිවන සේවය සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ එහි ගිලන් රථ හයක් සමඟ ඒකක නවයක් එම ස්ථානයේ තිබූ අතර
හදිසි සේවා සේවකයින් විශාල සංඛ්‍යාවක් ගිනිගත් සුන්බුන් වර්ග කරමින් ජිවතුන් අතර සිටින අය සොයා ගැනීමට උත්සාහ කරන ආකාරය දර්ශනයේ ඡායාරූපවල දැක්වේ.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායක මුහම්මද් යූනුස් පැවසුවේ සිද්ධියට හේතුව සොයා බැලීමට සහ “සියලු ආකාරයේ ආධාර සහතික කිරීමට” “අවශ්‍ය පියවර” ගන්නා බවයි. “මෙය ජාතියට ගැඹුරු ශෝකයක් ගෙන දෙන මොහොතකි. තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර, අදාළ රෝහල් ඇතුළු සියලුම බලධාරීන්ට මෙම තත්වයට අතිශයින්ම වැදගත් ලෙස මුහුණ දෙන ලෙස මම උපදෙස් දෙමි,” ඔහු X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක තබමින් ප්‍රකාශ කර ඇත.

බංග්ලාදේශය හෙට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී රට පුරා ජාතික ධජය අඩකුඹු කරනු ඇති බවට වාර්තා වේ.

Author

Related Posts